ගොවීන්ගෙන් රජයට චෝදනා

February 20, 2024 - 4:23 PM
තම වී අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට අවසන් වුවත්, වී මිලදී ගැනීමට රජයෙන් මේ දක්වා කිසිදු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත් ව ඇති බව ගොවීන් පවසනවා.

මේ සඳහා රජය සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගින් වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පැවසුවත් එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ගොවීන් පෙන්වා දෙනවා.
(lknews.lk)