වී ගොවීන්ගෙන් රජයට චෝදනා

February 24, 2024 - 10:26 AM
වෙළඳපොල සහල් මිල ඉහළ ගොස් තිබුණද, මහා පරිමාණ වී මෝල් හිමියන් ඉතා අඩු මුදලකට වී මිලදී ගන්නා බව ගොවීන් පවසනවා.

ඒ හේතුවෙන් වී අස්වනු අලෙවි කිරීමේදී තමන් දැඩි අසීරුතාවයකට පත් වී සිටින බවයි ගොවීන් පැවසුවේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න මහතා පවසන්නේ, අස්වනු අලෙවි කිරීමේදී ගොවියාට විශාල අසාධාරණයක් සිදු වන බවයි.
(lknews.lk)