පුද්ගලයන් පස් දෙනෙකුට ඇසිඩ් ප්‍රහාර

March 06, 2024 - 5:44 PM
රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ඇසිඩ් ප්‍රහාරයෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වුණා.

ඉන්පසු ඔවුන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම ඇසිඩ් ප්‍රහාර එල්ල කර ඇත්තේ, රිය අනතුරක් සම්බන්ධ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින්.
(lknews.lk)