වැඩබලන නීතිපතිවරයා දිවුරුම් දීමට නියමිතයි

June 30, 2024 - 1:27 PM
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරුවරයා ඉදිරියේ තමා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දෙන බව පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතයි.
(lknews.lk)