දේශීය ආදායම් කොමසාරිස් ධුරය 31 රෑ හිස් වෙයි

December 31, 2023 - 12:02 PM
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරන උපුල් ජයවර්ධන මහතාගේ ධුරකාලය අදින් (31) අවසන් වීමට නියමිතයි.

මීට පෙර එම තනතුර පුරප්පාඩු වීමෙන්ම පසුව ඔහු පත් කරනු ලැබුවේ කැබිනට් අනුමැතියකට යටත්ව මාස 6ක කාලයක් සඳහා පමණයි.

එම මාස 6ක කාලය අදින් අවසන් වන අතර ඒ අනුව ජනවාරි 01වනදා සිට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර යළි පුරප්පාඩු වනු ඇති.

හෙට (01) සිට මෙරට VAT බදු සංශෝධනය ඇතුලු බදු සංශෝධන ක්‍රියාත්මක කෙරෙන අතර බදු පනතේ බලතල පැවරී ඇත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාටයි.
(lknews.lk)