පොලිස් නිලධාරීන්ට වැඩ බලන පොලිස්පතිගෙන් උපදෙස්
December 26, 2024 - 5:44 PM
රාත්‍රී කාලයේදී මාර්ග බාධක කටයුතුවල නියැලෙන පොලිස් නිලධාරීන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රාත්‍රී කාලයේදී වාහන පරීක්ෂා කරන සියලුම පොලිස් නිලධාරීන් ලුමිනස් ජැකට් සහ අත්වැසුම් පැළඳිය යුතු අතර වාහන නැවැත්වීම සඳහා පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කළ යුතු බව එම උපදෙස් මාලාවේ සඳහන්.
පොලිස් නිලධාරීන්ට සහ රියදුරන්ට වන අනතුරු අවම කර ගැනීම සඳහා මෙවැනි උපදෙස් මාලාවක් සකස් කළ බවයි වාර්තා වන්නේ.
(lknews)