ශාන්ත බණ්ඩාරට වැඩ බලන තනතුරක්

June 14, 2024 - 4:06 PM
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශගත වීම නිසා වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා.                    

ඒ අනුව බන්දුල ගුණවර්ධන නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි.         

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.                     

(lknews)