කෘත්‍රිම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කරයි

March 03, 2024 - 4:53 PM
08 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (03) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එළඹෙන මාර්තු 19 වනදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදා ගනිමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවත් අමාත්‍යරයා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම එළඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)