අධ්‍යාපනයට නව අරුතක් එක් කරමින් ගාල්ලේ දරුවන්ටත් ශිෂ්‍යත්ව රැසක්

July 22, 2024 - 7:28 PM
දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ඉමහත් දායකත්වයක් සපයමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2024 වැඩසටහන දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේදී අද (22) පැවැත්වුණා.

එහිදී අධ්‍යාපන කලාප 04කට අයත් සිසු දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 4650ක් පිරිනමා තිබෙනවා.

උසස් පෙළ අධ්‍යාපනයේ නිරත දූ දරුවන් 240ක් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දූ දරුවන් 4410ක් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද බෙදාදීමට කටයුතු කර තිබෙනවා.  

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වය යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

(lknews)