උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

November 19, 2024 - 5:37 PM
2024 අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මෙවර උසස් පෙළ විභාගය එළඹෙන 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ විභාග මධ්‍යස්ථාන 2,312ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී.

(lknews.lk)