හැකි සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පළිඳින ලෙස උපදෙස්

December 28, 2023 - 9:46 AM
හැකි සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පළිඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉල්ලීමක් කරනවා.

දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාව මෙය පිළිපැදීම අනිවාර්යය වන බව සඳහන්.

විදේශ සංචාරවලදී අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පැවසූවේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා මේ දිනවල පරීක්ෂා කරගෙන යන බවයි.

නව වෛරස ප්‍රභේදය පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී ස්ථීර වශයෙන්ම දැනගත හැකිවන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය හමුවී නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)