කෘතිම බිත්තර හමුවීම ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක්

September 22, 2023 - 11:42 AM
වෙළෙඳපොලේ කෘතිම බිත්තර නොමැති බවත් ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ද ලැබී නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකාව තුළ කෘතිම බිත්තර අලෙවිය හෝ ආහාර සඳහා යොදාගැනීමට නොහැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, පසුගිය කාලයේ කෘතිම සහල් පිළිබඳ ලැබුණු තොරතුරු මත ඊට අදාළ සාම්පල පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කර තිබෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ එහෙත් කෘතිම සහල් මෙරට වෙළෙඳපොලෙන් හසු නොවූ බවයි.
(lknews.lk)