ශ්‍රී ලංකාව සමඟ පැවති තරගය ගැන ඇෆ්ගනිස්ථානයෙන් පැමිණිල්ලක්

September 08, 2023 - 1:39 PM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක් කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙවර ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානය B කාණ්ඩයට ඇතුළත් වුණා.

ඔවුන් එහි පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලකුණු 89 කින් පරාජයට පත්වුණා.

දෙවන තරගයේදී කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 292ක ඉලක්කයක් ඇෆ්ගනිස්ථානයට ලබා දුන්නා.

පිළිතුර ඉනිම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඕවර 37.1 කදී එම ඉලක්කය හඹා යා යුතු වුණා.

නමුත් තරගයේ අවසන් මිනිත්තුවේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 290ක් පමණි.

එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ප්‍රකාශ කර තිබුණේ, 37.1ට වැඩි පන්දු 3කින් එකක් 6 පරහක් වුවහොත් සුපිරි හතරදෙනාගේ වටයට යාමට අවස්ථාවක් ලැබෙන බවයි.

නමුත් පිටියේ සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් ඉදිරි පන්දු තුනේදී ලකුණු 295ක් ලබා ගත්තේ නම් ඔවුන්ට සුපිරි හතරදෙනාගේ වටයට පැමිණිය හැකි බව නොදැන සිටි බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ නිලධාරීන්ට දඬුවම් කරන ලෙස පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවකයින්ගේ නොසැලකිලිමත් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දඬුවම් කරන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)