ඇෆ්ගන් - ශ්‍රී ලංකා දෙවන 20-20 තරගය අද

February 19, 2024 - 9:39 AM
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වෙනවා.

තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු 20යි 20 තරගය ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවේ ලකුණු 4 කින්.

මේ අතර  ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ තෙවන විස්සයි විස්ස තරගවල සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
(lknews.lk)