ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 30 වනදා දිවයිනට

January 19, 2024 - 5:05 PM
ශ්‍රී ලංකාව සමග පූර්ණ තරගාවලියකට සහභාගි වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන 30 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 02දා එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර තරග 03 කින් යුත් එක්දින තරගාවලිය පෙබරවාරි 09 වනදා ආරම්භ වන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 17 වනදා රංගිරි දඹුලු‍ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
(lknews.lk)