ඇෆ්ගනිස්ථානයේ ලෝක උරුම විනාශ වෙයි

February 22, 2024 - 12:28 PM
ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමි ප්‍රදේශ සැලසුම් සහගතව විශාල යන්ත්‍ර භාවිත කර විනාශ කර ඇති බව පර්යේෂකයින් කණ්ඩායමක් පවසනවා.

එසේ විනාශ කර ඇති ස්ථානවල ඇතැයි අනුමාන කෙරෙන පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ සොයා සමහර පිරිස් කැණීම් සිදු කරන බව ද වාර්තා වනවා.

එමෙන්ම චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් සිදු කර ඇති පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ 2021 වසරේ ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගත් තලිබාන්වරුන් සහ ඊට පෙර පැවති රජයේ පූර්ණ සහාය ඇති ව එම විනාශය සිදු කරන බවයි.
(lknews.lk)