සිංහයන් පරදා අප්‍රිකානුවන් විශිෂ්ඨ ජයක් ලබා ගනී
November 30, 2024 - 5:28 PM
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 233කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ලකුණු 516ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 282ක් පමණයි.
එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 83ක්, නායක ධනංජය ද සිල්වා ලකුණු 59ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 48ක් රැස් කළා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 191ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 42ක් පමණයි.
ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක් වුණා.
සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 366ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 516ක ඉලක්කයක් ලබා දෙමින්.
(lknews.lk)