ස්වීඩනය හිමෙන් වැසෙයි
January 05, 2024 - 8:59 AM
වසර 25කට පසු ස්වීඩනයේ වාර්තා වූ ශීතලම උෂ්ණත්වය සමඟින් දෙවැනි දිනටත් Nordic කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -40ට අඩු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, අධික හිමපතනයෙන් නිවාස රැසක් යටවී ඇති බවයි.
එසේම අධිවේගී මාර්ගයක වාහන දහසක් පමණ අධික හිමපතනයට හසු වී තිබීම හේතුවෙන් පැය 24ක් පුරා සිර වී සිටි බවට සඳහන්.
ස්වීඩනයේ කාලගුණ විද්‍යා හා ජලවිද්‍යා ආයතනයේ Ida Dahlstrom පැවසුවේ උතුරු ස්වීඩනයේ එක රැයකින් සෙල්සියස් අංශක -25-35ක උෂ්ණත්වයක් පවතින අතර සතියේ ඉතිරි කාලය තුළ ශීත කාලගුණයක් එහි පවතින බවයි.
මේ වනවිට අධිවේගී මාර්ගයේ සිර වූ මෝටර් රථ තුළ සිටි පුද්ගලයන් ඉවත් කරගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත් වී ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)