යුක්‍රේනය හා ප්‍රංශය අතර ගිවිසුමක්

February 17, 2024 - 11:55 AM
යුක්‍රේනය හා ප්‍රංශය වසර 10ක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ප්‍රංශයේ සංචාරයක නිරත යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එහි දී යුරෝ බිලියන 03ක් වටිනා අතිරේක යුද ආධාර තොගයක් යුක්‍රේනය වෙත ලබාදීමට ද ප්‍රංශ ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව සඳහන් වනවා.

ප්‍රංශය සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට පැය කිහිපයකට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ජර්මනිය සමඟ ද එවැනිම ගිවිසුමකට එළැඹ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)