අවලංගු කළ කෘෂි විද්‍යාව විභාගය අද

February 01, 2024 - 12:09 PM
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කෙරුණු  කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය අද දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 10 වනදා පැවති කෘෂි විද්‍යාව විභාගයේ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තීරණය කරනු ලැබුවා.

ඒ අනුව කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස අද උදෑසන 8.30 සිට 11.40 දක්වාත් පළමු කොටස පස්වරු 1.00 සිට 3.00 දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
(lknews.lk)