දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකබාවය අඩු වෙයි

January 15, 2024 - 5:13 PM
දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය තියුණු ලෙස පහත වැටීම සම්බන්ධයෙන් කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පවසනවා. 

ඒ අනුව කොළඹ, බත්තරමුල්ල සහ කොළඹ කොටුව වැනි ජනාකීර්ණ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය (AQI) සෞඛ්‍යයට අහිතකර මට්ටම් 105 දක්වා ඉහළ ගිගොස් තිබෙන බවයි එම අධිකාරිය පැවසුවේ. 
 
ඒ හා සමානව, යාපනයේ AQI අගයන් 100ට ආසන්නව වාර්තා වූ අතර, උතුරු නගරයේ සෞඛ්‍යයට අහිතකර වායු තත්ත්වයන් පෙන්නුම් කරන බව ද වැඩිදුරටත් වාර්තා වනවා.
(lknews.lk)