වායු දූෂණය තවත් ඉහළට

March 08, 2024 - 4:06 PM
කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තවදුරටත් අයහපත් වෙමින් පවතින බව කාලගුණ අංශ පවසනවා.

එනම් කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158ක් ලෙස සටහන් වී තිබෙනවා.

එම දර්ශකය තවදුරටත් අයහපත් වුවහොත් දැඩි ලෙස අවදානය යොමු කළ යුතු බවත් බලධාරීන් පවසනවා.

එමෙන්ම අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බව ද කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)