ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට

February 15, 2024 - 12:38 PM
ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M උදයකුමාර මහතා පවසන්නේ, කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට, මෙම තත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මෙම තත්වයට හේතු වී ඇත්තේ බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා.
(lknews.lk)