ගුවන් තොටුපොළ සේවකයින් විරෝධතාවක

December 15, 2023 - 4:11 PM
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් අද (15) දහවල් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

එහිදී ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු සදහන් කළේ, වසර 6ක සිට ගුවන් තොටුපළ සේවකයින්ගේ වැටුප් වැඩිකර නොමැති බවයි.

වැටුප් වැඩි නොකළහොත් ලබන ජනවාරි 3 වන දා සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට අවතීර්ණ වන බවයි ඔහු පැවසූවේ.
(lknews.lk)