අකිල, දුනිත් අද තරග බිමට

February 14, 2024 - 1:48 PM
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 03 වන සහ අවසන් එක්දින තරගය අද (14) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවන බව වාර්තා වනවා.

ඒ අනුව, ප්‍රධානතම දග පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ වෙනුවට අකිල ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට 2-0ක් ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.
(lknews.lk)