දිස්ත්‍රික්ක 10 කට අනතුරු ඇඟවීම්

March 02, 2024 - 1:26 PM
අද (02) දිනයේ පවතින අධික උණුසුම් කාලගුණික තත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 10ක පදිංචිව සිටින ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පදිංචි ජනතාවටයි.

ඒ ගැන විශේෂයෙන් අවධානය යොමුකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ජලය වැඩියෙන් පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම වැනි ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)