අලි සබ්රි ලබන මස ජපානයට

June 26, 2024 - 4:45 PM
විදේශ අමාත්‍ය අලි සබ්රි එළඹෙන ජූලි 01 සිට ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකරන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙහිදී අලි සබ්රි ජපාන නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක් වන බවයි වාර්තා වන්නේ.

(lknews)