අලි සබ්‍රි හෙට සිංගප්පූරුවට

July 06, 2024 - 4:49 PM
විදේශ අමාත්‍ය අලි සබ්‍රි හෙට (07) සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්ගේ ආරාධනයකට අනුවයි.

මෙහිදී අමාත්‍යවරයා දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිංගප්පූරු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(lknews)
අලි සබ්‍රි හෙට සිංගප්පූරුවට