සියලු මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට

March 23, 2024 - 4:15 PM
ශ්‍රී ලංකාව පුරා සිටින නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අප්‍රේල් 2 වැනිදා කොළඹට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක කියා සිටියේ දින තුනක වැඩමුළුවක් සඳහා ඔවුන් කොළඹට කැදවූ බවයි.

මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම මෙම වැඩසටහන හරහා සිදු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

එසේම මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයකුගෙන් ද උපදෙස් ලබා ගැනීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණයේදී මෙම පනත ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද සභාපතිවරයා පැවසුවා.
(lknews.lk)