දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි

June 23, 2025 - 1:33 PM
දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් කොමසාරිස්වරුන්ට ඒ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්තමානයේ බන්ධනාගාරය තුළ මතුව ඇති අර්බුධකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සහ බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි.

(lknews.lk)