නුවරඑළියට ඇතුළු වන වාහන විශේෂ පරීක්ෂාවකට

January 14, 2024 - 3:07 PM
නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වන සියලුම වාහන පරීක්ෂා කිරීම මේ දිනවල අඛණ්ඩව සිදු කෙරෙන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ, පාසල් වාර නිවාඩුව මුල් කර ගනිමින් නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම සමඟම මත්ද්‍රව්‍ය සංචරණය වීමේ ප්‍රවණතාව අවම කිරීම වෙනුවෙන්.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මැඩලීමේ 'යුක්තිය' මෙහෙයුම ක්‍රියාන්විතයට සමගාමීව මෙම වැඩසටහන නුවරඑළිය දිශාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක බව සඳහන්.

ඒ අනුව මේ දිනවල දිවා හා රාත්‍රියේ දී නුවරඑළිය පොලීසිය හා තුන් වැනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් එක් ව නුවරඑළිය නගර සීමාවට ඇතුළු වන සියලුම වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරෙණු ඇති.
(lknews.lk)