සිමෙන්ති මිල අඩු නොවූ බවට චෝදනා

September 19, 2023 - 12:27 PM
සිමෙන්ති මිල අඩු කරන බවට වෙළෙඳ ඇමැතිවරයා පැවසුවත් මේ වන විට වෙළෙඳ පොළේ සිමෙන්ති මිල ඉහළ ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

රුපියල් තුන්සියයකින් සිමෙන්ති මිල පහත දමන බවට අමාත්‍යවරයා පසුගිය දිනක ප්‍රකාශ කළා.

එම සංගමය ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූවේ, රුපියල් 2,100 කට තිබුණු සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට රුපියල් 2,200 ක් දක්වා වැඩිකර ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයම පහත වැටී ඇති බවත්, සිමෙන්ති භාවිතයෙන් සිදු කෙරෙන සාමාන්‍ය කටයුත්තක් හෝ කරගත නොහැකිව ජනතාව අසරණ වී ඇති බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)