උසස් පෙළ පරීක්ෂකවරුන්ට දීමනාවක්

February 08, 2024 - 4:51 PM
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

ඒ අනුව 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකළ පරීක්ෂකවරුන් වෙත රුපියල් 1450 සිට වැඩි කරන ලද රුපියල් 2000ක් දක්වා දීමනාවද හිමිවනු ඇති.

මීට අමතරව සියලුම කාර්යමණ්ඩල පරීක්ෂකවරුන් සඳහා පසුගිය වසරේ සංශෝධනය කරන ලද ගෙවීම් සිදුකරන බව සඳහන් කර තිබෙනවා.
(lknews.lk)