පොලිස් නිලධාරීන්ට බීමත් රියැදුරන් නිසා දීමනාවක්

October 23, 2023 - 1:11 PM
බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා ඕනෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000ක දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි මස 1 වනදා දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

මෙම කාලය තුළ බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට සිය වැටුපට අමතර අදාළ දීමනාව ලබා දෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)