පොලිතින් භාවිතා නොකළොත් දීමනාවක්

March 18, 2024 - 11:23 PM
පොලිතින් (ෂොපින්) බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් එකඟ වී තිබෙනවා.

ඒ, පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි.

එම කාරක සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ, පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවයි.
(lknews.lk)