පොලිස් නිලධාරීන්ගේ දීමනා අද සිට ඉහළට

February 13, 2024 - 10:15 AM
මෙවර අයවැයේදී යෝජනා වූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබාදීමට නියමිත ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව අද (13) සිට ලබා දීමට තීරණය කර තිබෙනවා.

කණිෂ්ඨ නිලධාරීන්ට ලබාදෙන රුපියල් 17,000ක දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට සැළසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මින් 50%ක් කඩිනමින් ලබා දීමට තීරණය කර තිබෙනවා.
(LKNEWS)