රංගිරි දඹුලු විහාරාධිපති අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් අපවත් වෙයි

August 19, 2024 - 3:31 PM
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් අද (19) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වුණා.

අපවත් වන විට උන්වහන්සේ 63 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

(lknews)