එක් පළාතක ගිලන් රථ සේවකයන් හෙට වර්ජනයක

December 18, 2023 - 9:45 AM
මධ්‍යම පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ සේවක සංගමය හෙට (19) සහ අනිද්දා (20) සංකේත වර්ජනයක නිරත වනවා.

ඒ, ගිලන් රථ සේවකයන් 15 දෙනෙකු සිය රාජකාරිවලින් බැහැර ක්ෂේත්‍ර සහ ආයතන සඳහා මාරු කිරීමට විරෝධය පළ කරමින්.

ඒ බව මධ්‍යම පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන්රථ සේවක සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න සහ ලේකම් සුදත් හේරත් මහතා කියා සිටියා.
(lknews.lk)