බැල්ටිමෝර් සිද්ධියේ තවත් තොරතුරු එළියට

April 01, 2024 - 1:41 PM
ඇමරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට පත් වූ ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ විෂ අපද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටොන් 746ක් බර, විඛාදනය වන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය, ප්‍රවාහනයේදී සැළකිලිමත් විය යුතු පුපුරන ද්‍රව්‍ය සහ ලිතියම් අයන් බැටරි ද එහි තිබී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

අනතුර හේතුවෙන් අදාළ බහාලුම්වලින් 14ක් පැටැප්ස්කෝ ගංගාවට ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

(lknews.lk)