වසර 15කට පසු ඇමරිකාවේ පළමු මරණ දඬුවම ද්විත්ව ඝාතකයෙක්ට
March 10, 2025 - 10:54 AM
තම හිටපු පෙම්වතියගේ මවුපියන්ට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පුද්ගලයෙක්ට එරෙහිව පසුගියදා මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
බ්‍රැඩ් සිග්මන්ට මරණ දඬුවම නියම වී ඇත්තේ ඔහු 2001 වසරේදී සිය පෙම්වතියගේ මවුපියන්ට බේස්බෝල් පිත්තකින් පහරදී ඝාතනය කිරීමේ වරදට වන අතර, එම ඝාතන සිදු කිරීමෙන් පසු තුවක්කුවක් පෙන්වා බිය වද්දා පෙම්වතියද පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරූ ඇති චෝදනාවටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රැඩ් සිග්මන් නමැති 67 හැවිරිදි පුද්ගලයාගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරමින් ඔහු වෙඩි තබා මරා දැමිය යුතු බවයි.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක් විසින් අඩි 15ක දුරින් සිට වෙඩි තැබීම සිදු කර ඇති බවද ඒ සඳහා විශේෂිත උණ්ඩ භාවිත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)