ඇමරිකාව ඉරානය සමඟ සෘජු සාකච්ඡා සඳහා සූදානමින්

April 08, 2025 - 11:00 AM
න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඉරානය සමඟ සෘජු සාකච්ඡා පවත්වන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීයි.

ලෝක බලවතුන් සමඟ තම න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඉරානය සිදුකළ සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව පළමුවරටයි නැවත සාකච්ඡා පැවැත්වෙන්නේ.

කෙසේ වුව ද මෙවර මැදිහත්කරුවන්ගෙන් තොරව ඇමරිකාව , ඉරානය සමඟ සෘජු සාකච්ඡා පවත්වන අතර එම සාකච්ඡා ලබන සෙනසුරාදා දිනයේ දී පැවැත්වෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.

එමෙන්ම ඉරාන විදේශ අමාත්‍යවරයා තහවුරු කර ඇත්තේ සාකච්ඡා සඳහා තම පාර්ශවය සහභාගී වන බවයි.


(lknews.lk)