චීන යාත්‍රාවක් මෙරටට පැමිණීම ගැන ඇමරිකාව කනස්සල්ලට පත්වෙයි

September 26, 2023 - 9:02 AM
ලබන ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ යාත්‍රාව ගැන ඇමරිකාව කනස්සල්ල පළකර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප ලේකම් වික්ටෝරියා නුලන්ස් මහත්මිය මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය කර ඇති බව සඳහන්.

ෂියාන් 6 පර්යේෂණ යාත්‍රාව ලංකාවට පැමිණෙන්නේ නාරා ආයතනය හා එක්ව සමුද්‍ර ගවේෂණයන් වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

මෙම චීන නෞකාවේ ලංකා ගමන ගැන ඉන්දියාව ද බලවත් විමසිල්ලෙන් පසුවනවා.

කෙසේවෙතත් අදාළ චීන නැව කොළඹ හා හම්බන්තොට වරායන් වෙත සේන්දුවීමට නියමිතයි. 
(lknews.lk)