ඇමරිකාව Tik Tok ගැන තීරණයක් ගනියි

March 14, 2024 - 10:07 AM
Tik Tok  සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ඇමරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි.

එම පනතට අනුව Tik Tok මව් සමාගමේ ඇමරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබා දීමට නියමිතව තිබෙනවා.

එම මාස 6 තුළ ඉවත් කර නොගතහොත් ඇමරිකාව තුළ Tik Tok යෙදුම අවහිර වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)