ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඇමරිකාවෙන් පැසසුම්

February 19, 2024 - 1:04 PM
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට යහපත් තත්වයකට ළඟා වී ඇති බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසනවා.

ඉන්දු - පැසිෆික් උපාය මාර්ගය පිළිබඳ එක්සත් ජනපද සාම ආයතනයේ (USIP) පැවති සංවාදාත්මක හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු ද ධනාත්මක ලෙස සිදු කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
(LKNEWS)