ඇමරිකන් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

August 19, 2024 - 4:56 PM
යු. එස්. එස්. ස්ප්‍රොන්ස් නම් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසනවා.

සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා එම නෞකාව මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු නෞකාව හෙට (20) දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබෙනවා.