ඉන්දීය පොලිස් නිලිධාරියෙක් පැහැර ගැනීමකට ලක් වෙයි

February 28, 2024 - 12:22 PM
ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක්ව සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව ආයුධ සන්නද්ධව පැමිණි 200ක පමණ පිරිසක් පැහැරගෙන ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

වාහන සොරකමක් සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියා විසින් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පැහැරගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ යුද හමුදා කණ්ඩායමක් එම කණ්ඩායම හඹා ගොස් ඔවුන්ව මුදවාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විට ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
(lknews.lk)