ට්‍රම්ප්ගෙන් මාර්ක් සකර්බර්ග්ට චෝදනාවක්

March 12, 2024 - 12:24 PM
ටික්ටොක් මව් සමාගම ඇමරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදු කර තිබෙනවා.

මෙම යෝජනාව ෆේස්බුක් හිමිකරු මෙටා සමාගමට අසාධාරණ වාසි ලබාදෙන බවද ඔහු කියා සිටියා.

ටික්ටොක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම පිළිබඳ තමා එකඟ වන නමුත් ෆේස්බුක් ඇමරිකානු රජයට ද තර්ජනයක් බව ට්‍රම්ප් පැවසුවා.

ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබෙන්නේ, රූපවාහිනී සාකච්ඡාවකදීයි.
(lknews.lk)