පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

January 23, 2024 - 11:10 AM
පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, නිත්‍ය තැන්පතු අනුපාතය තවදුරටත් 09%යේ අගයේ පවත්වාගෙන යාමටයි.

එමෙන්ම, නිත්‍ය ණය පහසුකම් අනුපාතය ද තවදුරටත් 10%යේ අගයේම පවත්වාගෙන යාමට තීරණ කර තිබෙනවා.

අවසන් වරට පසුගිය නොවැම්බර් 23 වනදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමටයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතය 10% සිට 09% දක්වා පහත දැමුණු අතර, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 11% සිට 10% දක්වා අඩු කෙරුණා.

මේ අතර, මෙරට විදේශ සංචිත විදේශ සංචිත ප්‍රමාණ ඩොලර් බිිලියන 4.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)