චමරිට ඇගයීමක්

December 29, 2023 - 7:42 AM
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුව ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන් ෆෝ ඇගයීමට ලක් කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ ප්‍රොෆයිල් පින්තූරයට ඇයගේ රුව ඇතුළත් කරමින්.

ඊට ඇයගේ රුවට අමතරව, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, ඉන්දියාවේ මොහොමඩ් සමී සහ පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි යන ක්‍රීඩකයින්ගේ ද රූප එක් කර තිබෙනවා.

චමරි අතපත්තු සහ අනෙකුත් ක්‍රීඩකයින් තුන් දෙනා මේ වසරේදී දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කිරීමේ අරමුණ ඇතිවයි එම වෙබ් අඩවිය මෙම ඡායාරූපය පළ කර ඇත්තේ.
(lknews.lk)