නව විදුලිබල පනත සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන දැනුවත් කිරීමක්

November 09, 2023 - 5:04 PM

නව විදුලිබල පනත සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තවත් පාර්ශ්ව ගණනාවක් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විදුලි ඉංජිනේරුවන්, ඉංජිනේරු පීඨවල මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්, විදුලිබල මණ්ඩලයේ හිටපු උසස් නිළධාරීන්, පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් සහ සංවර්ධකයන්, මූල්‍ය ආයතන නියෝජිතයන්, වාණිජ මණ්ඩලවල නියෝජිතයන් සහ විදුලිබල ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මෙලෙස දැනුවත් කර ඇති බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම දැනුවත් කිරීම සිදු කර තිබෙනවා.
(lknews.lk)